SBS Sinhala-logo

SBS Sinhala

SBS (Australia)

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Location:

Sydney, NSW

Description:

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Language:

Sinhala

Contact:

SBS Radio Sydney Locked Bag 028 Crows Nest NSW 1585 Australia (02) 9430 2828


Episodes
Ask host to enable sharing for playback control

නිදන්ගත රෝගවලින් නව යොවුන් වියේ දරුවන් ආරක්ෂා කරගන්න පවුලක් වශයෙන් කළ හැකි දේවල් මෙන්න

5/13/2025
ඕස්ට්‍රේලියාවේ නව යොවුන් ප්‍රජාවගෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් නිදන්ගත රෝග තත්ත්වයකින් පෙළෙන බව මෑතක සිදු කළ පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. නව යොවුන් වයසේ පසුවන ප්‍රජාවට වැළඳිය හැකි නිදන්ගත රෝගී තත්ත්වයන් පාලනය කිරීමට පවුලක් ලෙස මැදිහත් විය හැකි ආකාරය මෙහි දී ඉතා වැදගත් වනවා. නිදන්ගත රෝග නිවාරණය, කළමනාකරණය සහ පවුලේ භූමිකාව පිළිබඳ SBS සිංහල සේවය මෙල්බර්න් හි වෛද්‍ය ප්‍රභාත් වටපල්දෙණිය සමඟ කළ සාකච්ඡාවට සවන් දෙන්න.

Duration:00:08:27

Ask host to enable sharing for playback control

How to enjoy Australia’s wilderness areas responsibly - වගකීම්සගහතව ඕස්ට්‍රේලියානු වනාන්තර පෙදෙස්වල අසිරිය විඳින්නේ කෙසේ ද: Australia Explained

5/12/2025
Australia’s beautiful landscape is home to a stunning array of native plants and wildlife, and if you’re heading out to explore, it’s important to be a careful and respectful visitor. - වෙරළ තීරයන්ගේ සිට රට අභ්‍යන්තරයට වන්නට පිහිටා ඇති ජනගහනයෙන් අඩු Outback ප්‍රදේශ දක්වා ඔස්ට්‍රේලියාවේ දර්ශනීය සහ විවිධත්වයෙන් යුත් පරිසර හමු වනවා. මේ විවිධ පරිසරවල ඔස්ට්‍රේලියාවට ආවේනික වෘක්ෂලතා සහ සත්ත්වයන් දක්නට ලැබෙනවා. ඕස්ට්‍රේලියාවේ වනාන්තර ප්‍රදෙස්වල සංචාරය කිරීමට පෙර අදාළ ප්‍රදේශවල පාරිසරික සහ සංස්කෘතික අංග කෙරෙහි ප්‍රවේශම් වීම සහ ගෞරව කිරීමේ වැදගත්කම පිළිබඳ අද Australia Explained විශේෂාංගයෙන් අපි කතා කරනවා. නියමිත මාර්ග සහ මංපෙත්වලට අවනත වීම, සංඥා සහ උපදෙස් අනුගමනය කිරීම, කසල නොදැමීම සහ ආවේණික පැලෑටි හෝ සත්ත්වයන්ට හානි නොකිරීම යනාදිය මීට ඇතුළත් වනවා.

Duration:00:11:19

Ask host to enable sharing for playback control

SBS සිංහල Newsflash මැයි 13: ලිබරල් පක්ෂයේ ප්‍රථම කාන්තා නායකත්වය සලකුණු කරමින් සුසන් ලී නායකත්වයට පත්වෙයි

5/12/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 13 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න

Duration:00:05:24

Ask host to enable sharing for playback control

නව රජයේ කැබිනට් අමාත්‍යධූර පිලිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කරයි: 'කාලීන විග්‍රහය' මැයි 13

5/12/2025
ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසි මහතා තම රජයේ නව කැබිනට් මණ්ඩලය පිළිබද තොරතුරු නිවේදනය කර තිබෙනවා. පසුගිය මැතිවරණයෙන් ලැබූ විශාල ජයග්‍රහණය සමගින් ලේබර් පක්ෂය තම ඉතිහාසයේ ලබාගත් වැඩිම මන්ත්‍රීධූර සංඛ්‍යාව ලබාගනීමට සමත් වෙලා තියෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

Duration:00:05:32

Ask host to enable sharing for playback control

මන්ත්‍රී සහ ඇමති වරප්‍රසාද කප්පාදු කිරීමට හේෂා ගෙන් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක්: මවුබිමෙන් පුවත්

5/12/2025
අද - මැයි මස 12 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

Duration:00:08:34

Ask host to enable sharing for playback control

බර අඩු කරගන්න Ozempic සහ Wegovy ඖෂධ භාවිතා කිරීම භයානකද? ඇත්තම විස්තරේ මෙන්න

5/12/2025
ශරීර බර අඩු කර ගැනීමේ ක්ෂුද්‍ර මාත්‍රා වශයෙන් "Ozempic" සහ "Wegovy" වැනි ඖෂධ භාවිතය මේ වන විට ඉහල යමින් තිබෙනවා. මේ හේතුවෙන් ඒවා භවිත කිරීමේ ප්‍රතිලාභ සහ එහි තිබෙන අවදානම් මොනවද යන්න සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

Duration:00:09:08

Ask host to enable sharing for playback control

මේ සතියේදී ලිබරල්, සහ ග්‍රීන්ස් පක්ෂ වලට නව නායකයින් සහ ලේබර් රජයට නව කැබිනට්ටුවක්: කාලින විග්‍රහය මැයි 12

5/11/2025
නායකත්ව කණ්ඩායමේ සිටින්නේ කවුරුන්ද යන්න තීරණය කිරීම සඳහා ලිබරල් පක්ෂය මැයි 13 වන අඟහරුවාදා ඡන්ද විමසීමක් පවත්වන අතර ග්‍රීන්ස් පක්ෂය මැයි 15 වන බ්‍රහස්පතින්දා ඒ සඳහා සූදානම් වේ. මේ අතර ඇල්බනිසි රජයේ නව කැබිනට් මණ්ඩලය සඳහා ලේබර් පක්ෂ කාමරය තුල, අද - මැයි 12 වනදා සාකච්චා පැවැත්වෙනු ඇත. මැතිවරණයෙන් පසුව ඕස්ට්‍රේලියානු දේශපාලනයේ අද වන විට වාර්තා වන නවතම තොරතුරු අද - අපගේ 'කාලීන විග්‍රහයෙන් ' බලාපොරොත්තු වන්න

Duration:00:10:02

Ask host to enable sharing for playback control

SBS සිංහල Newsflash මැයි 12: ලේබර් රජයේ නව කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත් කිරීම අදයි

5/11/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 12වන දා SBS සිංහල Newsflashවලට සවන්දෙන්න.

Duration:00:04:19

Ask host to enable sharing for playback control

'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මැයි 05 - මැයි 09

5/9/2025
විපක්ෂ නායක වරයා තේරීමේ තරඟයෙන් ලිබරල් සෙනට් සභික ඩෑන් ටීහන් ඉවත් වීම, දහහතරවන ලියෝ පාප්තුමාගේ තේරී පත්වීම පිළිබඳව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි සුභ පැතීම මෙන්ම ඉන්ෆ්ලුවෙන්සා උන රෝගීන්ගේ අසාමාන්‍ය වැඩිවීම ගැන සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා සිටීම වැනි පුවත් සමග ගතවුණු මැයි 05 වනදා සිට මැයි 09 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියානු පුවත් ප්‍රකාශය

Duration:00:09:06

Ask host to enable sharing for playback control

බහුතරය ඇති පළාත්පාලන ආයතන වල සභාපතිවරු පත්කිරීම කඩිනම් කරන ලෙස මැතිවරණ කොමසාරිස් කියයි: මවුබිමෙන් පුවත්

5/9/2025
අද - මැයි මස 09 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයිි

Duration:00:08:29

Ask host to enable sharing for playback control

නවතම ICC ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව නව ස්ථාන ලබා ගනී: ක්‍රීඩා විග්‍රහය

5/9/2025
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න.

Duration:00:10:14

Ask host to enable sharing for playback control

වසර 15කට පසුව ග්‍රීන්ස් පක්ෂ නායකයාට තම පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනය අහිමිවේ: 'කාලීන විග්‍රහය' මැයි 09

5/8/2025
ග්‍රීන්ස් පක්ෂ නායක Adam Bandt හට තම පාර්ලිමේන්තු ආසනය අහිමි වී ඇති අතර ඔහු තම පරාජය මේ වනවිට පිළිගෙන තිබෙනවා. මේ හේතුවෙන් ග්‍රීන්ස් පක්ෂයට නායකයකු නොමැති තත්වයක් ඇති වී තිබෙනවා. ලේබර් පක්ෂයේ Sarah Witty මෙම ආසනය ජයගෙන ඇති අතර ලේබර් පක්ෂය මෙම ආසනය දිනාගෙන ඇත්තේ වසර 15කට පමණ පසු බව වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

Duration:00:07:16

Ask host to enable sharing for playback control

සුපිරි වෙළඳසැල්වල නාම යටතේ එන භාණ්ඩ මිල දී ගැනීමට ඕස්ට්‍රේලියානුවන්ගේ දැඩි පෙළඹීමක්

5/8/2025
ජීවන වියදම් අර්බුදය හමුවේ ඉහළ යන බඩුමිල සමඟ මුදල් ඉතිරි කරගැනීමේ ක්‍රම පිළිබඳ ඕස්ට්‍රේලියානුවන් උනන්දු වී තිබෙනවා. Home brands නැතහොත් සුපිරි වෙළඳ සංකීර්ණවල වෙළඳ නාම යටතේ ඇති භාණ්ඩ මිලට ගැනීමට යොමු වීම එවැනි එක් ක්‍රමවේදයක් වෙනවා. Coles විසින් මෑතක කළ සමීක්ෂණයකට අනුව සාම පාරිභෝගිකයන් තුන් දෙනෙකුකෙන් එක් අයෙකු ම මේ සඳහා පෙළඹී තිබෙනවා. Home Brand නිෂ්පාදනයක් යනු කුමක් ද? මිල අඩු වීම ගුණාත්මක බවට බලපානවා ද? අද විශේෂාංගයෙන් අපි ඒ පිළිබඳ කතා කරනවා.

Duration:00:05:23

Ask host to enable sharing for playback control

SBS සිංහල Newsflash මැයි 09: ලිබරල් පක්ෂය නව නායකයකු තෝරාගැනීමට සැරසෙයි

5/8/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 9වන දා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න.

Duration:00:04:20

Ask host to enable sharing for playback control

කාන්තාවන්ගේ ජීවිතයේ ආර්තවහරණ (Menopause) අවධීන්, සංකූලතා සහ ප්‍රතිකාර පිළිබඳ දැනගතයුතු දේවල් මෙන්න

5/8/2025
ආර්තවහරණය (Menopause) හෙවත් මාසික ඔසප් චක්‍රය සදාකාලිකව නතර වීම යනු කාන්තාවකගේ ජීවිතයේ සිදු වන ජෛව විද්‍යාත්මක ක්‍රියාවලියක් වනවා. ආර්තවහරණය ළඟා වීම හඟවන ලක්ෂණ, සංකූලතා සහ ඒ සඳහා ඇති ප්‍රතිකාර පිළිබඳ අප දැනගතයුතු දෑ සම්බන්ධයෙන් SBS සිංහල සේවය කැන්බෙරා හි වෙසෙන වෛද්‍ය අංජලී ගමගේ සමඟ කළ සාකච්ඡාවට සවන් දෙන්න.

Duration:00:10:12

Ask host to enable sharing for playback control

ඉන්දියාව සහ පාකිස්තානය අතර වෙඩි හුවමාරු වෙද්දී අලුත් පාප්වහන්සේ තෝරන්න කාදිනල්වරු රහස් චන්දෙක: ලොව වටා

5/8/2025
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා

Duration:00:09:29

Ask host to enable sharing for playback control

මේ වනවිට ඔස්ට්‍රේලියාව පුරා ඉන්ෆ්ලුවෙන්සා වෛරස ආසාධිතයින් 63000ක් වාර්තා වී ඇත: 'කාලීන විග්‍රහය' මැයි 08

5/7/2025
පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ වාර්තාගත ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. මේ හේතුවෙන් මේ වසරේ දී යාවත්කාලීන කරන ලද වාර්ෂික ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබා ගැනීමේ අවශ්‍යතාවය මෙන්ම මෙය වැළඳීමේ අවදානම අවම කිරීම සඳහා වෙනත් සනීපාරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව විශේෂඥයින් සියලුම ඕස්ට්‍රේලියානුවන්ට දැනුම් දී සිටිනවා. කෙසේ උවත් ඉන්ෆ්ලුවෙන්සා වෛරසය දරුණු ලෙස පැතිර යාමට කාරනා කිහිපයක් බලපානවා. මේ පිලිබඳ තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

Duration:00:10:22

Ask host to enable sharing for playback control

SBS සිංහල Newsflash මැයි 08: විශ්ලේෂකයන්ට අනුව ග්‍රීන්ස් පක්ෂ නායක ඇඩම් බැන්ඩ්ට් හට සිය ආසනය අහිමි වෙයි

5/7/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 8වන දා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න

Duration:00:04:27

Ask host to enable sharing for playback control

2025 ඕස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණයේ ප්‍රතිඵල ගැන ශ්‍රී ලාංකිකයින් දැක්වූ අදහස් මෙන්න

5/7/2025
2025 ඕස්ට්‍රේලියානු මහමැතිවරණයෙන් ලේබර් රජය ජයග්‍රහණය කිරීම මෙන්ම ලිබරල් පක්ෂයේ පරාජය පිළිබඳව ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙක් SBS සිංහල සේවයට දැක්වූ අදහස් මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

Duration:00:11:11

Ask host to enable sharing for playback control

SBS සිංහල Newsflash මැයි 07: ලේබර් රජයේ නව කැබිනට් මණ්ඩලය ගැන තවම තීරණය කර නොමැති බව අගමැති පවසයි

5/6/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 7වන දා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න.

Duration:00:04:56